සමානාත්මතාවය සඳහා: පාලනය කල යුතුද?, වෙනස් කල යුතුද?

income inequality

ඉතාමත් සහයෝගයෙන්, සතුටින්, ක්‍රීඩා කරමින් සිටින ළමුන් දෙදෙනෙකි. සතුටින් ක්‍රීඩා කරමින් සිටියද, ඔවුන් සිටින්නේ සුපුරුදු පරිදි ඔවුන්ගේ තාත්තා ගෙදර පැමිණෙන තෙක්ය. සෑම දිනකම තාත්තා ගෙදර එන විට චොකලට් ගෙන එන බව ඔවුන් දනී. සුපුරුදු පරිදිම තාත්තා ගෙදර පැමිණියේ චොකලට් රැගෙනය. කුඩා ළමුන් දෙදෙනාම සතුටු මුවින් සිටින්නේ තාත්තා ගෙන ආ චොකලට් බෙදා දෙන තුරුය. චොකලට් බෙදා දීමට සැරසුන තාත්තා, මදක් වැඩිමහළු ළමයාට කථා කර මෙසේ කියයි.

දිගටම කියවන්න

ප්‍රජාතන්ත්‍රවාදයෙහි සැඟවුණු අරමුණ

purpose of the democracy

“මම හරියටම පැයක් කල් දෙන්නම්, ඔක්කොම එකතු වෙලා, සාමූහිකව තීරණය කරල, රූපවාහිනියේ ඔයාල බලන වැඩසටහන්, හැඩය අනුව වර්ග කරල තියන්න, හැබැයි නිවැරදිව කරන්න ඕන.”

රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂණය ඉගෙනීම සඳහා පැමිණි සිටි අප පන්තියේ සිසුන් හට, අපගේ ගුරුතුමා විසින් පළමු දිනයේ පවරනු ලැබූ, පළමු සාමූහික ක්‍රියාකාරකම එයයි. මෙම සමූහ ක්‍රියාකාරකම සඳහා මුහුණ දුන් අප සමූහය, විවිධ වයස් මට්ටම් වල, විවිධ ප්‍රදේශයන්හි සිට පැමිණි, විවිධ රැකියාවන් වල නියැලෙන, ගැහැණු පිරිමි දෙපාර්ශවය විසින්ම නියෝජනය විය. මෙම විවිධත්වය, එක් එක් සාමාජිකයා එකම කාරණාව පිලිබඳ දැක්වූ අදහස් තුලද දක්නට ලැබුණි. දීර්ඝ සාකච්චාවක් අවසානයේ – පැයකට වැඩි වෙලාවක් – සියළු දෙනාගේ තර්ක විතර්ක පදනම් කර ගනිමින් පොදු එකඟතාවයකින් අපි ක්‍රියාකාරකම අවසන් කළෙමු.

දිගටම කියවන්න

ස්වභාවික වරණය සහ ශිෂ්ඨත්වය

ඩාවින්ගේ පරිණාමවාදයේ ප්‍රධානතම අංගයක් ස්වභාවික වරණය. ජාන මගින් ප්‍රවේණිය සොයා ගැනීමත් සමඟ modern synthesis සිද්දාන්තයත් මේ ක්‍රමය නව-පරිනාමවාදයේත් ප්‍රධාන අංගයක් ලෙස හඳුන්වා දුන්න. කෙටියෙන්ම කිව්වොත් පරිසරයට අනුගත වීමේ, ආහාර තරඟකාරිත්වයට සහ වර්ගයා බිහිකිරීමේ තරගකාරිත්වයට මුහුණ දීම යන ක්‍රියාකාරකම් වලදී ජය ගන්නන් කාලයත් සමඟ ඉතිරි වීමත්, පරාජය වන්නන් කාලයත් සමඟ වඳ වීමත් මෙහි තේරුමයි.

දිගටම කියවන්න

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 4 කොටස

consumerism

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 1 කොටස
ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 2 කොටස
ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 3 කොටස

කම්කරුවාගේ ශ්‍රමය මගින් අමුද්‍රව්‍ය වලට එක් කරන ලද වටිනාකම ලාභය ලෙස අපි කලින් හඳුනා ගත්තෙමු. මෙම ලාභය වැඩි කර ගත හැකි එක් ක්‍රමයක් පිලිබඳව, එනම් නිෂ්පාධන වියදම අඩු කිරීම ගැන කලින් ලිපියෙහි මම වැඩිදුරටත් විස්තර කලෙමි. එම ක්‍රියාවලිය තුලින් මිනිසාගේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට සිදුවන බලපෑම ගැන ඔබට දැන් යම් අදහසක් ඇතැයි මම සිතමි. ධනවාදී නිදහස් වෙළඳපොල ක්‍රමය අපගේ නිදහසට බාධා කිරීම එතැනින් නවත්වන්නේ නැත. ලාභ අරමුණ සහිතව නිෂ්පාධන ක්‍රියාවලිය හසුරුවන අතලොස්සක් වූ අධ්‍යක්ෂවරුන් (B of D), ලාභය වැඩි කර ගැනීමට භාවිතා කරන අනෙක් ක්‍රමය නම් නිෂ්පාධන විකුණා ලබන ආධායම (Revenue) වැඩි කර ගැනීමට උපක්‍රම සකස් කිරීමයි. එම උපක්‍රම අපගේ නිදහසට කෙසේ බලපානවාදැයි අපි මෙහිදී විස්තරාත්මකව සොයා බලමු.

දිගටම කියවන්න

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 3 කොටස

Labor exploitation and cheap wages

මෙම ලිපි මාලාවේ පළමු සහ දෙවන කොටසින් මම පෙන්වා දුන්නා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට, ධනවාදී නිදහස් වෙළඳපොල ප්‍රතිපක්ෂ ක්‍රියාවලියක් බවයි. ආයතනික ව්‍යුහය, නිෂ්පාධන සහ බෙදාහැරීමේ තීරණ ප්‍රජාතන්ත්‍රවිරෝදී බව, තේරීමේ නිදහසේ ඇති මිත්‍යාව සහ පරිසර විනාශයට මූලික හේතුවක් ලෙස මෙම ප්‍රජාතන්ත්‍ර විරෝදී, සුළු පිරිසක් සියල්ල තීරණය කිරීමේ ක්‍රමය මම වැඩිදුරටත් පැහැදිලි කළෙමි. මේ සියල්ල එසේ වන්නේ මෙම තීරණ ගන්නා අතලොස්සක් වූ පිරිස එම තීරණ ගනු ලබන්නේ ලාභය වැඩි කර ගැනීම මත පමණක් වීමයි.

දිගටම කියවන්න

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 2 කොටස

Freedom of choice

 

නිදහස් වෙළඳ පොළ ක්‍රමය තුල පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය භාණ්ඩ හෝ සේවාවන් තෝරා ගැනීමේ අයිතියක් (Freedom of Choice) ඇති බවත් එය මනුෂ්‍ය නිදහස සුරැකීමක් බවත් කෙනෙකු ඔබට පවසාවී. නමුත් ඔහු ඔබට පවසන එකක් නැහැ ඔබගේ නිදහස තුලින් කරනු ලබන තේරීම හරහා සෞඛ්‍යට සහ පරිසරයට සිදුවන හානියෙන් ඔබ නිදහස් නොවන බව. එය තවත් පැහැදිලි කලොත්, වෙළඳපොලේ ඇති රසායනික පොහොර ගැසූ එළවලු වෙළදසැලවල් කිහිපයකින් අවශ්‍ය පරිදි ඔබට තෝරා ගත හැකිය. නමුත් ඔබ කුමන වෙළඳසැලෙන් තෙරුවත් රසායනික පොහොර නිසා පරිසරයට වූ සිදුවූ හානිය හරහා අනාගතයේ ඔබට හෝ අනාගත පරපුරට සිදුවන හානිය ඔබට වැළක්විය නොහැක. එම එළවලු පරිභෝජනයෙන් ඔබගේ සෞඛ්‍යට සිදුවන හානියද ඔබට වැළක්විය නොහැකිය. එසේනම් තෝරා ගැනීමේ අයිතිය මගින් ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස සුරැකීම මිත්‍යාවක් බව ඔබට වැටහේවී.

දිගටම කියවන්න

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය – 1 කොටස

Capitalism vs Democracy

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඕනෑම කෙනෙකු පක්ෂ බේධයකින් තොරව ලබාගැනීමට කැමැත්ත දක්වන සුවිශේෂී වරප්‍රසාදයක්. අප දැන් සිටින ධනවාදී ආර්ථික ක්‍රමය වගේම ආණ්ඩුවත් බලපැවැත්වීමට ප්‍රධාන කරුණක් විදියට මේ කියන සුවිශේෂී වරප්‍රසාදය බලපාල තියෙනව. පාලිතයන් ප්‍රජාතන්ත්‍රවාදය හරහා බලාපොරොත්තු වෙන ප්‍රධානතම අරමුණක් තමයි තමන් කැමැති පරිදි පාලකයන් තෝරා පත්කරගැනීම තුලින් මනුෂ්‍ය අයිතීන් සහ නිදහස තහවුරු කර ගැනීම. මිනිසාට අවශ්‍ය කරන නිදහස යනු කුමක්ද කියල ඊළඟට ප්‍රශ්නයක් එනව. සමහරුන්ට අනුව නිදහස කියන්නෙ තමන්ට තමන්ගේ ජිවිතේ (self-ownership) තමන්ට අවශ්‍ය තීරණයක් ගැනීමේ නිදහස.  තවත් අයෙකුට අනුව නිදහස කියන්නෙ අන් අයගේ නිදහසට බාධාවක් නොවී තමන්ගේ අයිතිය භුක්ති විඳීමට ඇති අයිතිය.

දිගටම කියවන්න