උදෘතය

සඳවතිය

රළ පහර සන්සුන්ය
අතු පතර සිලි සිලිය
ගිජු බඹරු නිදිබරය
උඩු සිතම කලබලය

රළ පහර සැඩවෙයිද
අතු පතර සෙලවෙයිද
කළු මකරු පැමිනෙයිද
සඳවතිය සැඟවෙයිද…

උදෘතය

කලු සුදු සිතුවම

කලු රාත්‍රියක අපි වෙන්වීලා
කලු වලාවකට ගිය සේදීලා
කලු නැති රැයකදි පහන් කනුව යට
කලු සුදු සිතුවම ඇත හිනැහීලා…

උදෘතය

තුන් මංසල

තුන් මංසලකදී හමුවී අහඹු ලෙසින්
සිත් පන්සලකදී එක්වී අමුතු ලෙසින්
ලත් සෙනෙහසකදී බැදුනී අමර ලෙසින්
යන් තුරුලටමවී අත් බැද නොනිමි ලෙසින්…

උදෘතය

ආලෝකයේ මුලාව

අදුරත් ආලෝකයත් පැටලුනු වියලි ලොවේ
අදුරට බියැති මිනිසුන්ගේ විලාපයේ
ආලෝකය සොදුරුයයි මිනිසුන් මුලා වුනේ
අන්ධ මට ඇසේ මෘගසන් විලාපයේ

අන්ධකාරයේ ජීවත් වී, ආලෝකය ලුහුබැද මිය යන කෘමියකු නොවන්න…

උදෘතය

මියැකී ගිය සිහිනය

දුටු වත් ගනන අපමන
දුටු සිත් නොවුනි රසබර
දුටු නෙත් නිවුනි මගදිම
දුටුවත් නිවයි ඈ සසරම

සැබැවින් දුටිමි අඩවන් නෙත
සිහිනෙන් පසුව මියැකී ගිය
සිතුනත් අවදි වූයේ කිම
සිටියාය ඈ දෙවොලින් බැස

රකුසෙක් වෙසින් සිටි මා සිත
කුකුසෙන් බැලිමි දෙව්ලිය දෙස
විකුමින් ඇයගෙ ආදර බර
සිකුරින් සිටිමි රකිමින් ඇය…

උදෘතය

ඉර බැස යන සැන්දෑවක

හමුවීම අහඹුවක් – එක්වීම සිහිනයක්
පැතු සිහින මිරිගුවක් – වෙන්වීම මීදුමක්

ඉර බැස යන සැන්දෑවක්
මත් වී රගන රැගුමක්
තුරුල් වී නිදන රාත්‍රියක්
සිහිනයක් සහ අතීතයක්

ලොවම එදිරිව නැගී ඉදලත්
අපි අපේ වී සිටි නිසා
අකුරු හතරින් එකතු වීලා
කොම්බු දෙකකින් වෙන්වෙලා

අතීතය ගැන මෙනෙහි කරනට
මල් මොටද මම මත්වෙලා
කලුත් නෑ උබ සුදුත් නෑ මම
අපි අපේ මතකය වෙලා

ඉර බැස යන සැන්දෑවක – ඇවිදින්නම් මතකයන් දෙස බල බලා…